''ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඉතාම වැදගත් මහත්මයෙක්. උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැති, ඉතාම වැදගත් පවුල් ජීවිතයක් ගත කරන ශීලාචාර මහත්මයෙක්. ඒ වගේම මේ රටේ ඉතිහාසයේ මැකිය නොහැකි ආකාරයටම නම සටහන් කරපු මේ මවුබිමට ණය නැති පුරවැසියෙක්'' යයි ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස්
අලහප්පෙරුම මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (24දා) පුංචි බොරැල්ල පිහිටි වජිරාශ්‍රමයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
වෙඬරුවේ උපාලි මහ නායක හිමියන්ගේ ප්‍රකාශය විකෘති කරමින් ආණ්ඩුවේ කුලීකරුවන් ද්වේෂසහගත ප්‍රකාශ සිදුකරන බව පැවසු මන්ත්‍රීවරයා, ''අපි කියනවා කරුණාකරලා මේ මහ නායක හිමියන්ගේ කතාවට සාවධානව ඇහුම්කන් දෙන්න කියලා. උන්වහන්සේ අවධාරණය කළේ මේ රටේ පවතින අර්බුදයෙන් ගොඩගැනීමට නම් දැහැමි පාලකයෙක් අවශ්‍ය බව. ඒ වගේම වැනෙන්නේ නැති පාලකයෙක් අවශ්‍යයි කියලා උන්වහන්සේ කිව්වා.'' යයි කියා සිටියේය.
අස්ගිරි අනු නාහිමියන් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නිවසේදී කරන ලද ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථ නිරූපනය කරමින් ඇති බවත් ඉන් වැඩිපුරම කළබල වී ඇත්තේ බුදු පිළිම වහන්සේලා බෙල්ලෙන් අල්ලා සිටියේ යයි චෝදනා එල්ල වූ ඇමති මංගල සමරවීර මහතා බවද ඔහු පැවසිය.
''උම්බලකඩ කෑල්ලක්වත් නොකන ඉතාම සාමකාමී ජීවිතයක් ගතකරන ඔහු කිසිසේත්ම හිට්ලර් පන්නයේ කෙනෙක් නෙවෙයි'' යයි කිහිපවරක්ම අවධාරණය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා 'අහිංසක නිර්මාන්ශිකයකු' බව හැඟවීමට ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහිදී බලවත් උත්සහයක් කල නමුත් එම ප්‍රකාශයට පදනම් වූ ලෝකප්‍රකට ම්ලේච්ජ ඝාතකයකු වන 'හිට්ලර්' ද මස් මාළු නොකන නිර්මාන්ෂිකයකු වීම විශේෂ කාරණයකි. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ද නිර්මාන්ශිකයෙකි.
Jun 24, 2018
ගෝඨාගේ හා හිට්ලර්ගේ සමානකමක් ඩලස් පෙන්වා දෙයි !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
