දිවියා මැරූ අය වහාම අල්ලන්නැයි අධිකරණය නියෝග කරයි - Neth News Blog

Jun 22, 2018

දිවියා මැරූ අය වහාම අල්ලන්නැයි අධිකරණය නියෝග කරයි

කිලිිනොච්චිය ප්‍රදේශයේදී පිරිසක් විසින් දිවියෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ වු පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ‍පොලීසියට නියෝගයක් ලැබුණ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.සී. සූරියබණ්ඩාර පවසයි.

ඒ අනුව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ලැබි ඇති තොරතුරු අනුව මෙම
පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම පැවැසීය.

මෙම දිවියා ගම්මානයට පැමිණි අවස්ථාවේ වනජීවී නිලධාරීන් දිවියා ඇල්ලීමට එම ස්ථානයට ගියද, ප්‍රදේශවාසීන්ගේ බාධා කිරීම නිසා දිවියා අල්ලා ගැනීමට නොහැකි වී ඇති බවට තමාට තොරතුරු වාර්තා වී ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.