ශ්‍රී ලනිපයේ පසුබෑමක්! පක්ෂය කැඩෙයිද? ශ්‍රී ලනිප ඇමතිවරයෙක් කියන කතාව - Neth News Blog

Jun 29, 2018

ශ්‍රී ලනිපයේ පසුබෑමක්! පක්ෂය කැඩෙයිද? ශ්‍රී ලනිප ඇමතිවරයෙක් කියන කතාව

ශි‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පසුබෑමකට ලක්ව සිටියද එය කඩා දැමීමට කිසිවෙකුට නොහැකි බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා. මාධ්‍යවේදින් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියාසිටියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට පොදුජන පෙරමුණ සමග එක්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8ට බැහැල තියෙනවා. නමුත් කැඩුනේ
නැහැ. මේ වනවිටත් යම් පසුබෑමක් තියෙනව. පෙහොට්ටුවෙත් ප්‍රශ්න තියෙනවා. එක්සත් ජාතික පක්ෂයෙත් ප්‍රශ්න තියෙනවා. මේව ඔක්කොම යන්නේ ගැටි ගැටි. බලමුකෝ මෝය කටට ආවම මොකද වෙන්නේ කියල."

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්වන්නේදැයි අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේ පැවසුවේ තමාට ජී.එල් පීරිස්ගේ පොහොට්ටුවට යා නොහැකි බවයි.