“අධිකරණ සංකීර්ණය තුළ බුද්ධ චීවරය දරාගෙන වුවත් ඊට නිගරු වන සේ හැසිරීම නිසා පවතින රටේ නීතිය අනුව ලබාදෙන දඬුවම භාරගෙන හිර ගෙදරට යන විට ආගමට කරන ගෞරවයක් වශයෙන් සිවුරු ගලවා ඇතුළට යා යුතුයි. එහිදී සිරගෙදර ඇඳුම භාරගත යුතුයි. එයට බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්‌ලාම් කියා වෙනසක් නැහැ. දැනට බෞද්ධ හිමිවරුන් 15 ක් සිර ගෙදර දඬුවම් විඳිනවා. අනිත් ආගම්වල අයත් අටදෙනෙක් සිටිනවා. ඔවුන් ඉන්නේ
හිරගෙදර ඇඳුමින්. රාජ නීතියට අවනත විය යුතු යෑයි බුදුන් වහන්සේ ද දෙසා තිබෙනවා” යෑයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
ඉකුත් 25 දා බළන්ගොඩ උග්ගල් අලුත්නුවර දේවාල පරිශ්‍රයේ දේවාල ගොඩනැඟිලි ප්‍රතිසංස්‌කරණය සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දීමෙන් පසු එම කාර්යය සුබ මොහොතින් ඇරඹීමෙන් පසුව ඇමැතිනිය එම ප්‍රකාශය කළ අතර මෙසේද සඳහන් කළාය.
මෙම රජය මගින් බෞද්ධ සිද්ධස්‌ථාන රැසකට ආධාර කර තිබෙනවා. හල්තොට බුදුගල, හා කූරගල ප්‍රදේශය කරා යැමට ඇති මාර්ගය හදන්න පියවර ගෙන තිබෙනවා. බටහිර පදයට නටනවා කියා අපට ඇතැම් අය අවලාද නඟනවා. ඒ අය වගේ අපි බෝඩ් ගැහුවේ නෑ. පත්තරවලට දැම්මේ නැහැ.
මෙම අවස්‌ථාවට මා එන්නම තීරණය කළේ අපි නාවා නම් මෙයත් වෙන කවුරුන් හෝ කළා කියයි. බළන්ගොඩ මානවයා විසූ බළන්ගොඩ සුළං බලෙන් යකඩ උණුකරපු බළන්ගොඩ පඹහින්න, ඓතිහාසික නටබුන් පිරි කූරගල, බුදුගල විදෙස් සංචාරක පිරිස ඒවා නරඹන්න කැමතියි. එදා කල්තොට දූවිලි ඇල්ල ළඟ බෝඩ් එක ගහලා තියෙනවා. දූවිලි ඇල්ලට යන්න ඕනි බොඩ් එක බලන්න. අපි සංචාරක ව්‍යාපාරය කරන්නේ අපේ නම ප්‍රසිද්ධ වෙන්න නොවෙයි. සබරගමු සමන් දේවාලයට රුපියල් ලක්‍ෂ සීයක් ලබා දී වහලය හැදුවා.
– divaina
Jun 28, 2018
සිරගත කරන භික්‍ෂූන් ඇතුළු පූජ්‍ය පක්‍ෂයට ජම්පරය ඇන්දවිය යුතුමයි..- ඇමැතිනි තලතා
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
