රවිගේ චෝදනා ගැන මහ බැංකු අධිපති පිළිතුරු දෙයි - Neth News Blog

Jun 28, 2018

රවිගේ චෝදනා ගැන මහ බැංකු අධිපති පිළිතුරු දෙයි

විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෙකු වන මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට විරුද්ධව, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් දිගින් දිගටම චෝදනා කළද, ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර
නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අවධාරණය කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙම කරුණු අවධාරණය කර තිබේ.

ආචාර්ය නන්දලාල් මහතා තමන් මෙතෙක් මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ වසර දෙක තුළදී බැංකුවේ කාර්යන්ට අදාළව සුවිශේෂී දායකත්වයක් සිදුකළ නිලධාරියෙකු බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දෙයි.
- ada