ජාතික ආණ්ඩුවේ සංවර්ධන කටයුතු සඳහා ආසන මට්ටමින් ප්‍රතිපාදන වෙන් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ට කිසිදු ප්‍රතිපාදනයක් නොලැබෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් 'මව්බිම' පුවත් පතට පවසා ඇත.
ඒ සම්බන්ධයෙන් එම සංවිධායකවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
මහතාට පැමිණිලි කිරීමට යන බව ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
දිවයිනේ සෑම ආසනයකම ජාතික ආණ්ඩුව නියෝජනය කිරීම සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට පක්ෂ දෙකෙන්ම සභාපතිවරුන් දෙදෙනකු පත්කර තිබේ.
මධ්‍යම රජය මඟින් ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා වෙන් කරන ප්‍රතිපාදන බෙදා ගැනීම සඳහා ශ්‍රී ලනිප, එජාප සභාපතිවරුන් අතර බරපතළ ගැටුම් පවති.
මේ අතර ආණ්ඩුව ලබාදෙන ප්‍රතිපාදන කිසිවක් ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට ලබා නොදීමට එජාපය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද ඉහත ප්‍රකාශකයා 'මව්බිමට' පවසා ඇත.
ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් එජාපය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර ආණ්ඩුවේ සිටින ඇමැතිවරුන් මේ ගැන කැබිනට් මණ්ඩලයේදීත් එජාප ඇමැතිවරුන් සමඟ ගැටුම් ඇති කර ගෙන තිබේ.
'ගම්පෙරළිය' :
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත 'ගම්පෙරළිය' වැඩසටහනේදීද ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ට කිසිදු ප්‍රතිපාදනයක් ලබා නොදීමට තීරණයක් ගෙන ඇති බවට වාර්තා වී ඇතැයිද එම ප්‍රකාශකයා 'මව්බිම'ට පවසා ඇත.
ඊට අමතරව මහාමාර්ග අමාත්‍යාංශය විසින් ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා වෙන් කරන ප්‍රතිපාදන සියල්ලද එජාප සංවිධායකවරුන් පමණක් උදුරා ගැනීම නිසාත් දැඩි ගැටුම් ඇති වෙමින් තිබේ.
එම නිසා මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට ශ්‍රී ලනිප ඇමැතිවරුන් බලාපොරොත්තුවෙන් සිටින බවද ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් කියා තිබේ.
Jun 27, 2018
ජාතික ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශවයට කුඩම්මාගේ සැලකිලි !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
