ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ජගත් පී. විජේවීර මහතා වත්මන් ලේකම්වරයා ලෙසින් ඇඟවෙන පරිදි කූට ලේඛන ඉදිරිපත් කරමින් එහි විදේශ දූත කණ්ඩායමක් හා එක්ව රටින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
ඔහු 2018 මැයි 10 වැනි දින ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශයේ
ලේකම් ධූරයෙන් ඉවත් කර තිබියදී තවමත් එම ධූරයේ රැඳී සිටින බව අඟවමින් ඇමෙරිකාව බලා පිටත්ව ඇත. අදාළ නියෝජිත කණ්ඩායමට ඔහු සිය බිරිය ද සමඟින් එක්ව ඇත්තේ එම අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා ලෙසින් ඩී.කේ. ආර්. ඒකනායක මහතා කටයුතු කරමින් සිටියදීය.
විජේවීර මහතා ගුවන් තොටුපොළේදී විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ වරප්‍රසාද විඳගැනීමේ බරපැනද අදාළ අමාත්‍යාංශයේ ගිණුමට බැර වී ඇතැයි වාර්තා වන අතර අදාළ සංචාරයට අනුව ඔහු ලබන ජූලි මස නැවත මෙරටට පැමිණීමට නියමිතව ඇතත් එලෙස ඔහු පැමිණේද යන්න සැක සහිත බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාගෙන් කරන ලද විමසුමකදී ඔහු කියා සිටියේ, විජේවීර මහතාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් දැනුවත් බවත් ඔහු විසින් කරන ලද වියදම් සහ වෙනත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් සිදුවන බවත්ය.
Jun 25, 2018
ඇමති ලේකම් කැත විදියට රට පනී
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
