ඉකුත් දිනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරමින් රජයේ අමාත්‍යධූර ඉසිලූ 16 දෙනාගේ කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් පැවැත්විණි. මේ සම්භන්ධයෙන් ඊයේ දින(28) ජනමාධ්‍යවේදීන් වීරවංශ මන්ත්‍රීවරයාගෙන් සිදුකරන ලද විමසීමකදී කියා සිටියේ රනිල්ගේ ආණ්ඩුව බිඳ වැට්ටවීමට තුඩුදෙන දේශපාලන තීරණ ගන්නා ඕනෑම මන්ත්‍රීවරයකු පිළිගැනීම සඳහා
ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් ඔවුන් වෙනුවෙන් නායකත්වය ලබා දීම සඳහා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සූදානම් බවත් ය.
මෙහිදී මාධ්‍යවේදීන් මෙම හමුව සම්භන්ධයෙන් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් විමසූ විට ප්‍රකාශ කළේ ජාතික ලැයිස්තුවෙන් පැමිණි කිහිපදෙනෙකුගේ වුවමණාව මත ක්‍රියාකරන එජාප ආණ්ඩුව පැරදවීම සඳහා වන පුළුල් පෙරමුණ ජානිපෙ සමඟ ගොඩනැඟීමට තමන් සාකච්ඡා කළ බවයි. තවද ඉදිරි ජනාධිපතිවරණයේදී හුදෙක්ම මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ඕනෑම නියෝජිතයෙකු හට සහය ලබා දීමට තමන් ඇතුලු 16 දෙනාගේ කණ්ඩායම සූදානම් බවත් එතුමන් මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළේය.
Jun 28, 2018
සමස්ථ ආණ්ඩුවම මෙහෙයවන්නේ එජාප ජාතික ලැයිස්තු ප්‍රභලයන් කිහිපදෙක් විසින්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
