දේශීය පලතුරු විශේෂ කිහිපයක් චීනයට අපනයනය කිරීම සඳහා චීනය හා ශ්‍රී ලංකාව අතර මීට වසරකට පෙර ගිවිසුමක් අත්සන් කර ඇතත් මේ වනතෙක් කිසිදු පලතුරක් චීනයට යැවීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ රජයේ ආයතන කටයුතු කර නොමැති බව රජයේ
ආරංචි මාර්ග පැවැසීය.
චීන රජයේ ප්‍රධානියකු මේ පිළිබඳව රජයේ ප්‍රධානියකු වෙත දන්වා තිබේ. මෙකී ගිවිසුමට අනුව විශේෂයෙන් ශ්‍රී ලංකාවේ කෙසෙල් චීනයට අපනයනය කිරීම සඳහා එකඟ වී තිබේ. හම්බන්තොට, ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවල වගා කෙරෙන කෙසෙල් චීනයට අපනයනය කිරීමට සැලසුම් කර ඇත. නමුත් ශ්‍රී ලංකාව එක කෙසෙල් ගෙඩියක්වත් චීනයට අපනයනය නොකළ බව චීන රජයේ ප්‍රධානියා මෙරට රජයේ ප්‍රධානියාට පවසා තිබේ.
මෙම දැනුම් දීමට අනුව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය යාවත්කාලීන කිරීමටත් ඒ අනුව ඉදිරියේදී මෙරට කෙසෙල් චීනයට අපනයනය කිරීමටත් සූදානම් වේ. ආනමාලු, කෝලිකුට්ටු, ඇම්බුම් ඇතුළු ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කෙසෙල් ඕනම ප්‍රමාණයක් චීනය මිලදී ගැනීමට සූදානමින් සිටින බවද එම ආරංචි මාර්ග පැවැසීය.
lakbima
Jun 28, 2018
චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
