මහින්දට චීනයෙන් ඩොලර් මිලියන 7.6ක් දුන්නාද නැද්ද.. හරියටම දන්න තුන්දෙනා මෙන්න - Neth News Blog

Jun 28, 2018

මහින්දට චීනයෙන් ඩොලර් මිලියන 7.6ක් දුන්නාද නැද්ද.. හරියටම දන්න තුන්දෙනා මෙන්න

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට චීනය විසින් ඩොලර් මිලියන 7.6ක් ලබා දුන්නේ යයි නිවුයෝක් ටයිම්ස් පුවත්පත විසින් සිදු කර ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.

එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාංචන විජේසේකර මහතා පවසන්නේ මේ
සම්බන්ධයෙන් නිවැරදිව තහවරු කර ගත හැකි පුද්ගලයන් තිදෙනෙකු සිටින බවයි.

එවකට සන්ධාන මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත්, එවකට ශ‍්‍රීලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා හා අදිල මුදල් ලබා දුන්නේ යයි පැවසෙන චයිනා හාබර් සමාගමෙන් ඉතා පහසුවෙන් එම තොරතුරු ලබා ගත හැකි යයිද ඔහු කියා සිටියේය.