හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොස් හෝ රට හදාදෙන්නැයි ත්‍රෛනිකායික නාහිමිවරුන් ගෝටාභයගෙන් ඉල්ලති… - Neth News Blog

Jun 20, 2018

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොස් හෝ රට හදාදෙන්නැයි ත්‍රෛනිකායික නාහිමිවරුන් ගෝටාභයගෙන් ඉල්ලති…

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ රට හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අස්ගරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69
වන ජන්ම දිනය වෙනුවෙන් මිරිහානේ ඔහුගේ නිවසේදී පැවති දානමය පුන්‍ය කර්මයේදී අනුශාසනාවක් කරමිනි.

මෙම අවස්ථාව සදහා ත්‍රෛනිකායන් නියෝජනය කරමින් සංඝයා වහන්සේලා පිරිසක්ද වැඩම කරවා තිබින.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සියළු රාජපක්‍ෂ සහෝදරයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමෙන්ද වැඩි පිරිසක් මේ සදහා සහභාගී වී සිටියහ.