ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල නඩත්තු කිරීමට පසුගිය වසරේදී (2017) රුපියල් බිලියන 8.3ක් රජය වියදම්කර ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා කියා සිටී.
මෙවැනි මුදලක් වියදම් කර රටට ලැබුණු ප්‍රතිලාභ පිළිබඳව සොයා බැලිය යුතු බවත්, කෙසේවුවද, තානාපති සේවයේ කටයුතු සම්බන්ධයෙන්
විගණනයක් සිදුකරන බවත් ඔහු සඳහන් කරයි.
බත්තරමුල්ල වෝටර්ස් එජ් ආයතනයේ පැවැති රාජ්‍ය ගිණුම් කාරක සභාව සංවිධානය කළ උත්සවයකදී ඒ මහතා මේබව අනාවරණය කළේය.
19 වැනි සංශෝධනයට අනුව සකස්වී ඇති විගණන පනත වසර 3ක කාලයක් ඉක්මගියද තවමත් ගෙනඒමට නොහැකිවීම සම්බන්ධයෙන්ද ඔහු එහිදී කනස්සල්ල පල කළේය.
මේ තත්ත්වය හේතුවෙන් මේවන විට වසර දෙකක කාලයක සිට විගණන කොමිසම වෙනුවෙන් මසකට රුපියල් විසි දෙලක්ෂයක් වියදම් කරණ බවද ඔහු කියා සිටියේය.
හර්ෂගේ කතා සාප්පුව !
මේ අතර, හර්ෂ ද සිල්වා මහතා විදේශකටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී තානාපති කාර්යාල 68 ක සේවය කරන නිලධාරින්ගේ නඩත්තුව සඳහා වසරකට රුපියල් කෝටි 900 ක මුදලක් වැය කරන බව හෙළිකර තිබිණි. (2017 අප්‍රේල් 19 වැනිදා)
මෙම නිලධාරින්ගේ වැටුප් හා අනෙකුත් සුබසාධන කටයුතු සඳහා මෙම මුදල වැයවන බවද ඔහු සඳහන් කර තිබිණි.
මෙතරම් විශාල මුදලක් දරමින් නඩත්තු කරනු ලබන තානාපති නිලධාරින්ගෙන් රටට මීට වඩා සේවයක් ලබා ගැනීම සඳහා මින් ඉදිරියට පියවර ගන්නා බවද ඔහු එහිදී කියා තිබූ අතර ඒ අනුව තානාපති කාර්යාල නිලධාරින්ගේ වතගොත ජාල ගත කිරීමටද පියවර ගන්නා බවද ඔහු එහිදී කියා තිබිණි.
Jun 19, 2018
2017 තානාපති කාර්යල නඩත්තුවට බිලියන 8.3ක් වියදම් කරලා !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
