කොළඹ මහ නගර සභාව මගින් මින් ඉදිරියට අයාලයේ යන සුනඛයන් ඇල්ලීම සහ විනාශ කිරීම මුළුමනින්ම
නතර කරන ලෙසත්
ඒ වෙනුවට සුනඛ වන්ධ්‍යාකරණ කටයුතු වැඩිදියුණු කරන ලෙසත්
නාගරික කොමසාරිස්‌වරයාට දැනුම් දුන් බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක පැවැසුවාය.
කොළඹ නගරයේ අයාලයේ යන සුනඛයන් විනාශ කිරීම නගර සභාවේ සේවකයන් යොදවා පසුගිය කාලය පුරා සිදුකළ බවද ඒ පිළිබඳව එම්බාර්ක් ඇතුළු සත්ත්ව අවිහිංසා සංගම් ගණනාවක්‌ම දැඩි විරෝධය පළකර ඇතැයිද ඇය කියා සිටියාය.
ඒ අනුව මින් ඉදිරියට නගරයේ දඩාවතේ යන කිසිදු සුනඛයකු විනාශ නොකරන බවද, එම තනතුර සඳහා සේවකයන් බඳවා ගැනීමක් සිදුනොවන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළ අතර ඒ වෙනුවට සුනඛයින් වඳ කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන ලද බවද පවසා සිටියාය.
Jun 19, 2018
අයාලේ යන සුනඛයින් ගැන රෝසි තීරණයක් ගනී
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
