එාජප ඇමතිවරු ගැන අගමැති ඉදිරියේ මන්ත්‍රිවරු කණස්සල්ල පළ කරයි - Neth News Blog

Jun 18, 2018

එාජප ඇමතිවරු ගැන අගමැති ඉදිරියේ මන්ත්‍රිවරු කණස්සල්ල පළ කරයි

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට අමාත්‍යවරුන්ගේ සහභාගීත්වය අඩුවීම සම්බන්ධයෙන් පසුපෙළ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු කණස්සල්ල පළ කර තිබෙනවා.

ඒ, ඊයේ (18) පැවති මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.

ඊයේ පස්වරුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ
මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී එම රැස්වීම පැවැත්වුණා.

ඊට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යධූර දරණ මන්ත‍්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් සහභාගී වී නැහැ.

සමෘද්ධි සහනාධාර අලුතෙන් ලබා දීම හා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ගැටලූව වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් තමන් රැස්වීමට පැමිණි බවයි මන්ත‍්‍රීවරුන්
කිහිපදෙනෙකු ප‍්‍රකාශ කර ඇත්තේ.

එහෙත් එම විෂයන් භාර අමාත්‍යවරුන් දෙදෙනාද රැස්වීමට සහභාගීවී නොමැති බව පසුපෙල මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු පෙන්වාදී තිබෙනවා.