අධිකරණයට අපහාස කළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිලි දෙකක් ඊයේ (18) අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , සහ මුර්දූ ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබුනි. එහිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කර තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය රංජන්
රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා ආඥාවක් කෙටුම්පත් කර අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන්ය.
පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය රංජන් රාමනායක විසින් සිදු කළේ යැයි කියන අපහාසාත්මක ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නිරීක්ෂණය කර ඒ තුලින් බැලූබැල්මටම අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් තීන්දු කර ඇතැයි යනුවෙනි.
ශ්‍රේෂ්ඨාධිකරණ සම්ප්‍රදායට අනුව මීළඟට පැවරී ඇත්තේ වගඋත්තරකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසීමේ ආඥාව කෙටුම්පත් කර නීතිපතිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම බවද දන්වා සිටියේය.
මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ය. දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එම්.ඒ. සුමන්දිරන් ජනාධිපති නීතිඥවරයෙක්ද වේ. රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනි සිටීම බොහෝ නීතිඥවරු විසින් ප්‍රතික්ෂේප කර තිබීමද විශේෂත්වයකි.
Jun 19, 2018
රංජන් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයන් බෑ කියළා - රංජන්ගේ නීතිඥ ලෙස සුමන්දිරන් අධිකරණයට!
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
