මැලේසියානු සමාගමක් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබියදී දිගින් දිගටම එම තීරණය නොසලකා කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට දැඩි ලෙස දෝශාරෝපනය කර තිබේ. ඒ පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය.
මැලේසියානු හයිරෙක්ස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 10කට
අධික මුදලක් වැයකර තෙල් සංස්ථාව සමග එක්වී එන්ජින් ඔයිල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට ඛනිජ තෙල් විෂය බාර අමාත්‍යවරයාව සිටි චන්දිම වීරක්කොඩි මහතා ඉදිරිපත් කර තිබු යෝජනාවකට මීට මාස කිහිපයකට ඉහතදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබී ඇත.
එහිදී අතිරික්ත එන්ජින් ඔයින් ආනයනය කිරීමටත් වසර 10කින් පසු මීට අදාල කර්මාන්ත ශාලාව තෙල් සංස්ථාවට පැවරීමටත් මැලේසියානු සමාගම එකඟත්වය පළකර තිබී තිබේ.
කෙසේවුවද මීට අදාල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම දිනෙන් දින ප්‍රමාදවීම සම්බන්ධයෙන් මැලේසියානු අගමැතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී කනස්සල්ල පලකල බවද ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස්වරයා බොහෝ අවස්ථාවලදී මේ සම්බන්ධයෙන් තමාගෙන් විමසීම් කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී සඳහන් කර තිබේ.
'' ඔබතුමා මගේ හිතවතා බව ඇත්ත .. එත් කැබිනට් තීන්දු වලට පිටුපාන්න දෙන්න බැහැ .. අනෙක මේවගේ තත්වයකදී විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්නන්න පුළුවන් වෙයිද ? කියා ජනාධිපතිවරයා එහිදී පැවසු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එය අනුමත කල බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසීය.
Jun 29, 2018
ජනපති ගෙන් අර්ජුනට දෝස්මුරයක් !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
