යාපනය පලාලි ගුවන්තොටුපළ ප්‍රදේශීය ගුවන්තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජයේ ආධාර ලබාගැනීමට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා එකඟත්වය පළ කර ඇතැයි තමන්ට වාර්තා වූ බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්
මහතා පැවසීය.
හැට දශකයේදී ඉන්දියාවේ මදුරාසිය බලා යාමට ද භාවිත කළ පලාලි ගුවන් තොටුපොළ නැවත සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයේ ආධාර මුලින්ම ඉල්ලා සිටියේ තමන් බවත් පසුව ඒ වෙනුවෙන් ඉන්දීය රජයත් ශ්‍රී ලංකා රජයත් අතර සම්බන්ධීකරණ කාර්යයක් ද තමා විසින් ඉටු කරන ලද බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෑතකදී පලාලි ගුවන් තොටුපොළ පරිශ්‍රය නිරීක්ෂණය කළ ඉන්දීය බලධාරීන් පිහිටි පොළොව මතම පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කළ හැකි බවට සහතිකයක් ලබාදී ඇතැයි ද මහ ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් පලාලි ගුවන් තොටුපොළ කිසිලෙසකින් හෝ ඉන්දියාවට පැවරීමට කටයුතු නොකරන බවත්, එහි සංවර්ධන කටයුතු සඳහා පමණක් ඉන්දීය ආධාර ලබාගන්නා බවත් සී.වී. විග්නේෂ්වරන් මහතා අවධාරණය කළේය.
Jun 29, 2018
පලාලි ගුවන්තොටුපොළට ඉන්දියාව බැල්ම හෙළයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
