ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා නම් කරන්නේ නම් තමන් ඉතාම සතුටු වන බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.
මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරන පුද්ගලයෙකුට තම සහයෝගය
ලබා දීමට සූදානම් බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ අම්පාරේදී පැවති එම දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිත හමුවක් අමතමිනි.
අනතුරුව සභාව ඇමතූ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා බවයි.
එමෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කම් කරන ඕනෑම පුද්ගලයෙකුගේ ජයග‍්‍රහණය සදහා කැපවන බවද ඔහු සදහන් කලේය.
මෙම හමුව සදහා බැසිල් රාජපක්‍ෂ මහතා සහභාගී වූයේ පෙරවරුවේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේද පෙනී සිටීමෙන් අනතුරව වීම විශේෂත්වයකි.
Jun 24, 2018
පොහොට්ටුවේ ජනාධිපති අපේෂකයා ලෙස බැසිල් රාජපක්‍ෂ යෝජනා කෙරේ..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
