මාතර මංකොල්ලයේ කල්ලි නායකයා පොලිස් වෙඩි පහරින් මරුට - Neth News Blog

Jun 22, 2018

මාතර මංකොල්ලයේ කල්ලි නායකයා පොලිස් වෙඩි පහරින් මරුට

මාතර ප්‍රදේශයේදී ස්වර්ණාභරණ අලෙවිසැලක් මංකොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23) උදැසන පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වී තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු එම අපරාධය කිරීමට පෙර සිය ඇදුම් බෑගය සඟවා තැබූ ස්ථානය පෙන්වීම සඳහා පොලිසිය සමග මාතර, කිරල කැලේ
ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඔහු සිය බෑගයේ තිබු අත්බෝම්බයක් රැගෙන පොලිසිය වෙතට එල්ල කිරීමට උත්සහා කර තිබෙනවා. එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙක් සැකකරුට වෙඩි තබා ඇති අතර ඔහු මාතර රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියා.

මියගිය සැකකරු අපරාධ රැසකට සම්බන්ධ අයෙක් බවයි පොලිසිය සඳහන් කරනවා.