මිය ගිය පුද්ගලයෙකු දේහය සුඛෝපභෝගී මෝටර් රථයක තැන්පත් කර එම මෝටර් රථය මිහිදන් කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නයිජීරියාවේ ජීවත්වන පුද්ගලයෙකුයි සිය මියගිය පියාගේ දේහය මෙලෙස සුඛෝපභෝගී BMW වර්ගයේ මෝටර් රථයක තැන්පත් කිරීමෙන් පසු රථය මිහිදන් කර ඇත්තේ.
අදාල පුත්‍රයා සිය පියා ජීවත්ව සිටින කාලය තුල ඔහුට
නවීන මෝටර් රථයක් මිලට ගෙන එය ලබාදෙන බවට පොරොන්දු වී තිබෙනවා.
කෙසේ වෙතත් සිය පියාට ලබාදුන් එම පොරොන්දුව පියා ජීවත්ව සිටින කාලය තුල ඉටු කිරීමට එම පුත්‍රයාට හැකිවී නොමැති බව සඳහන්.
ඒ අනුව පියා මිය යාමෙන් අනතුරුව සුඛෝපභෝගී මෝටර් රථයක ඔහුගේ දේහය තැන්පත්කර එම මෝටර් රථය මිහිදන් කිරීමට කටයුතු කරමින් තමන් ලබාදුන් පොරොන්දුව පියා මියගිය පසුව හෝ ඉටු කිරීමට අදාල පුත්‍රයා කටයුතු කර ඇත්තේ.
තමන් ලබා දුන් පොරොන්දුව පියා මියගිය පසුව හෝ තමන්ට මෙලෙස ඉටු කිරීමට හැකිවීම පිළිබඳව තමන් සතුටුවන බව අදාල පුත්‍රයා පවසා තිබෙනවා.
Jun 13, 2018
ඓතිහාසික සමුගැනිමකට සුදානම් වන සිංහරාජයේ අලි දෙන්නා
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide

