කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ හෝටලය තුළ මත්පැන් අලෙවිය තහනම් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ සිදු කරන ලද ප්‍රතිසංස්කරණයන්ගෙන් අනතුරුව ඉදිරියේදී විවෘත කිරීමට නියමිත කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ හෝටලය තුළ මත්පැන් අලෙවිය වහාම ක්‍රියාත්මක
වන පරිදි තහනම් කිරීමට පියවර ගත් බවයි.
තවද ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සේවය සපයන මෙවැනි ස්ථානයක මත්පැන් අලෙවි කිරීම ශ්‍රී ලාංකික සංස්කෘතික ගුණාංගයන්ට ද නොගැළපෙන බැවින් එය තහනම් කිරීමට තීරණය කළ බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන්ය.
තවද එම නිවේදනය මඟින් වැඩිදුරටත් අදහස් දක්වන ක්‍රීඩා අමාත්‍යවරයා,
"අප රටේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සේවය සපයන එවන් ආයතනයක් තුළ මත්පැන් අලෙවිය ශ්‍රී ලාංකික සංස්කෘතියට සහ ශ්‍රී ලාංකික ගුණාංගයන්ට නොගැළපෙන බවයි මගේ මතය. පෞද්ගලිකව මමත් විශ්වාස කරනවා එවැනි ස්ථානයක මත්පැන් අලෙවිය සිදු නොකළ යුතු බව. එමඟින් එම ආයතනයෙහි සේවය ලබා ගන්නා අප රටේ අනාගත ක්‍රීඩා තරුවලට ශක්තියක් විය හැකි යැයි මම විශ්වාස කරන්නේ නැහැ. එම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි සුගතදාස ක්‍රීඩාංගණ හෝටලය තුළ මත්පැන් අලෙවිය තහනම් කිරීමට මම පියවර ගත්තා" යැයි කියා සිටී.
Jun 25, 2018
සුගතදාස හෝටලේ මත්පැන් අලෙවිය නවතයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
