පසුගිය සමයේ ෆේස්බුක් සමාජ ජාලය තුලින් ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් අනාවරණය කළ නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දුට මාරවිල අධිකරණයේදී දැඩිව අවවාද කර ඇති බව වාර්තාවෙයි.
ඒ එම අධිකරණයේ පැවති නඩු විභාගකයට සුගන්ධිකා ප්‍රනාන්දු ඇඳගෙන
පැමිණි ඇඳුම සම්බන්ධයෙනි.
දින කිහිපයක් තිස්සේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා ඇය පැමිණ ඇති අතර එහිදී, ඇය පිජාමා වර්ගයේ ගවුම් ඇඳ පැමිණ තිබේ.
මින් අධිකරණයට අගෞරවයක් වූ බව පවසමින් මාරවිල නීතිඥ සංගමය ඇයට විරුද්ධව පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙන බව වාර්තාවෙයි.
මේ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමෙන් පසු අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඇගේ ඇඳුම සම්න්ධයෙන් ප්‍රකාශයක් කරමින්, ‘‘නීතිඥවරයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රීති මාලාවේ රීති අතරන් හත්වැනි රීතිය යටතේ දැක්වෙන ආකාරයට අධිකරනයට සුදුසු ආකාරයෙන් පැමිණ නොමැති බව අධිකරණය නිරීක්ෂනය කරනවා‘‘ යැයි පවසා ඇත.
නීතිඥ සුග්න්ධිකා ප්‍රානන්දු එය පිලිගෙන ඊයේ (20) දිනයේ තිබූ අනෙක් නඩුවලට පෙනී නොසිට අධිකරණයෙන් පිටව ගොස් තිබේ.
මේ පිළිබඳව ඇගෙන් කළ විමසීමකදී අදාල සිදුවීම සත්‍ය බවත් තමා ගවුමක් ඇඳ අධිකරණය ගිය බවත් පිළිගත්තාය.
Jun 21, 2018
නීතිඥ සුගන්ධිකා ඇඳන් උසාවියට ආපු ගවුමට නීතිඥවරුන්ගේ බලවත් විරෝධය
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
