නියෝජ්‍ය කතානායක තනතුර ආනන්ද කුමාරසිරිට - Neth News Blog

Jun 5, 2018

නියෝජ්‍ය කතානායක තනතුර ආනන්ද කුමාරසිරිට

පුරප්පාඩුව පැවති නියෝජ්‍ය කථානායක තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි තෝරා ගැනුණා.

ඒ පාර්ලිමේන්තුවේ අද (05) පස්වරුවේ පැවති රහස් ඡන්ද විමසීමකින්
අනතුරුවයි.

නියෝජ්‍ය කථානායක තනතුර සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරිගේ නම් යෝජනා වී තිබුණා.

ඡන්ද විමසීමේදී ආනන්ද කුමාරසිරි මන්ත්‍රීවරයාට ඡන්ද 97ක් ලැබී තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ඡන්ද 53ක් හිමිව තිබූණා.