තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී තිබූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේදී පැවති ඡුන්ද විමසීමේදී ඒකාබද්ද විපක්‍ෂයේ පැහැදිලි දෙකඩ වීමක් දක්නට ලැබින.
එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී ආනන්ද කුමාරසිරි යෝජනා වූ අතර විපක්‍ෂය වෙනුවෙන් සුදර්ශනී
ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා විය.
ඒ සදහා පැවති රහස් ඡුන්ද විමසීමේදී ආනන්ද කුමාරසිරි මහතා ඡුන්ද 97ක් ලබා ගනිමින් ජය ගත් අතර සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියට ලැබුනේ ඡුන්ද 43ක් පමණි.
එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට නියෝජ්‍ය කතානායක ධුරය ලැබීම වැළැක්වීමට කටයුතු කල යුතු යයි ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදී රැුස්වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උපදෙස් දී ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ එම අදහසට විරුද්දව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වා ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේට පක්‍ෂව ඡුන්දය දිය නොහැකි බවයි.
එහිදීද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ මේ මොහෝතේ එජක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා පරාජය කරවුවහොත් එය දේශපාලන වශයෙන් ජයග‍්‍රහණයක් බවත් එනිසා ඔහු පැරදවීම සදහා සුදර්ශනීට පක්‍ෂව ඡුන්දය දෙන ලෙසත්ය.
කෙසේ වෙතත් ඡන්ද විමසීමේදී ඒකාබද්ද විපක්‍ෂයේ 15 දෙනෙකු පමණ පිරිසක් එය මගහැර සභා ඝර්භයෙන් පිටවී ගොස් ඇත.
උත්සාහයක් දැරුවේ නම් ජයග‍්‍රහණය කර ගත හැකිව තිබූ අවස්ථාවක් උවමනාවෙන්ම මග හැරියේ යයි චෝදනා කරන අනෙක් පාර්ශවය ඒකාබද්ද විපක්‍ෂය විසින් ගන්නා ලද තීරණයක් ක‍්‍රියාත්මක නොකරන ලද පලමු අවස්ථාව මෙය යයිද චෝදනා කරති.
මීට විරෝදය පල කිරිමක් ලෙස ඊයේ පස්වරුවේ පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක රැුස්වීම දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පක්‍ෂ නායකයන් විසින් වර්ජනය කර තිබේ.
Jun 5, 2018
Home
slide
ඒකාබද්ද විපක්‍ෂය දෙකඩ වේ.. දිනේෂ්, වාසු, විමල්, උදය පක්‍ෂ ඒකාබද්ද නායක හමුවත් අතහරිති..- Exclusive
ඒකාබද්ද විපක්‍ෂය දෙකඩ වේ.. දිනේෂ්, වාසු, විමල්, උදය පක්‍ෂ ඒකාබද්ද නායක හමුවත් අතහරිති..- Exclusive
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
