විල්පත්තුව වගේ තවත් ස්ථාන කිහිපයක දැවැන්ත විනාශයක් - Neth News Blog

Jun 4, 2018

විල්පත්තුව වගේ තවත් ස්ථාන කිහිපයක දැවැන්ත විනාශයක්

විල්පත්තුව ආශි‍්‍රතව සිදුවූවාක් මෙන් මහා පරිමාණ වන විනාශයක් තවත් ස්ථාන කිහිපයකම සිදුවෙමින් ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙනවා.

ඔවුන් ඒ පිළිබඳ කරුණු දැක්වූයේ අදට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් කළ විමසීමකදීයි.  පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්‍ෂ සජීව චාමිකර සඳහන් කළේ වස්ගමුව ජාතික වනෝද්‍යානයෙන් අක්කර
10000ක් සහ දුම්බර අඩවිය ආශ්‍රිතව පිහිටා තිබෙන වනාන්තරවලින් අක්කර 5000කුත් වශයෙන් වනවිනාශ කර ඇති බවයි. හම්බන්තොට ප්‍රදේශයේත් මෙම තත්ත්වය දැකගත හැකි බවයි වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

මහා පරිමාණ වගා සඳහාද වන විනාශය සිදු කෙරෙමින් ඇතැයි මෙහිදි විස්තර කෙරුණා.

ශී‍්‍ර ලංකාවේ වන ආවරණය මේ වනවිට සියයට 16ක් පමණ දක්වා අඩු වී ඇතැයිද පරිසරවේදී සජීව චාමිකර සිහිපත් කළා. මෙලෙස වනාන්තර විනාශ කිරීම පරිසර ගැටලූ රැසකට මුල්වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.