ශ්‍රී ලංකාවේ කිරිපිටි සඳහා දරන වැයට වැඩි මුදලක් දුම්කොළ සඳහා වැය කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා පවසයි.
කිරිපිටි ආනයනය සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් රුපියල් මිලියන 64,400 ක් වියදම් කරන ශ්‍රී ලංකාව දුම්කොළ වගාව හා ආනයනය සඳහා රුපියල් මිලියන 106,260 ක් වැය කරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කර සිටියේ කොළඹ රමාඩා හෝටලයේ පැවති “යෝජිත දුම්කොළ
වගා තහනම් සහ වෙනත් භෝග වෙත යොමු වීමේ අවස්ථා ගොවීන්ගේ ඇසින්” නැමැති දුම්කොළ වගාව ආශ්‍රිත පර්යේෂණ වාර්තාව නිකුත් කිරීමේ උත්සවයේදී ය.
වෛද්‍ය චතුර රොද්‍රිගෝ විසින් සම්පාදනය කළ පර්යේෂණ වාර්තාව පිලිගනිමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව මෙන්ම දුම්කොළ හා දුම්වැටි ආනයනයද 2020 දී තහනම් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.
“අපි වාර්ෂිකව ඩොලර් මිලියන 660 ක් හෙවත් රුපියල් මිලියන 106,260 ක් හෙවත් කෝටි 10,626 ක් දුම්කොළ භාවිතයේ ප්‍රතිඵල නිසා ඇතිවන රෝගවලට, ඖෂධ හා ප්‍රතිකර්ම සඳහා වැයකරනවා. එම නිසා මෙම පර්යේෂණ වාර්තාව අපට ඉතා වැදගත් වෙනවා..
මේ වාර්තාව පිළියෙල කරලා තියෙන්නේ, දුම්කොළ වගා කරන ගොවීන්ගේ අදහස්ද එකතු කරලා, දුම්කොළ වෙනුවට විකල්ප භෝග වර්ග වගා කිරීමට යොමු වන්නේ කෙසේද යන්න අවධාරණය කිරීමටයි.
මෙහිදී අපි අවබෝධ කර ගත යුත්තේ දුම්කොළ වගාව සඳහාත්, භාවිතය සඳහාත්, ආනයනය සඳහාත් අපි වැය කරන විශාල මුදල ගැන සළකා බලන විට අපේ රජය ඉතාමත් ඥාන්විත පියවරක් තමයි මේ වන විටත් අරන් තියෙන්නේ.”යි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වැඩිදුරටත් කියා සිටියේය.
(radiogagana)
Jun 30, 2018
ශ්‍රී ලංකාව දුම්බීමට කරන වියදම කිරිපිටි වලට වඩා මිලියන 41,000 ක් වැඩියි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
