චන්දිමාල් පෙරළා සටන් කරයි - තෙවන ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් හිමිවෙයි - හේතුව මෙන්න - Neth News Blog

Jun 21, 2018

චන්දිමාල් පෙරළා සටන් කරයි - තෙවන ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් හිමිවෙයි - හේතුව මෙන්න

ශ්‍රී ලංකාව හා බටිහිර ඉන්දීය කොදෙව් කන්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදුකිරීමේ චෝදනව එල්ලවූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට තෙවන ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවී ඇති බව වාර්තාවෙයි

එම ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව
තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් පණවනු ලැබීය.

කෙසේ වෙතත් එම චෝදනාවට එරෙහිව චන්දිමාල් මේ වන විට ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව තෙවන ටෙස්ට් තරඟය සඳහා ඔහු ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවනු ඇති බවත් වාර්තා වෙයි.මෙම සිදුවීම විභාග කිරීම සඳහා ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරියේදී අධිකරණ කොමසාරිස්වරයෙකු පත්කර දිනයක් නියම කරනු ඇති බවත් වාර්තා සඳහන් කරයි.