යාපනේ කොවිල් උත්සවයක පෙරහැරේ දේව රූපයට පසුපසින් ඊළාම් සිතියම ගෙන යයි.. - Neth News Blog

Jun 30, 2018

යාපනේ කොවිල් උත්සවයක පෙරහැරේ දේව රූපයට පසුපසින් ඊළාම් සිතියම ගෙන යයි..

යාපනය මාණිප්පායි ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක පැවති වාර්ෂික උත්සවයකදී පුද්ගලයෙකු විසින් කොටි ඊලාම් සිතියම සමගින් ගමන් කොට ඇති බවට මාණිප්පායි පොලීසියට තොරතුරු ලැබීමත් සමග පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

අනෙයිකොට්ටෙයි පත්තිනි අම්මාන් කෝවිලේ ඊයේ (29) සවස පැවති
වාර්ෂික කුම්භාවෂේස උත්සවයේ පැවති දේව මෙහෙයදී දෙවියන් රැගෙන වීදි සංචාරය කරන අතරතුරදී පුද්ගලයෙකු විසින් එල්.ටී.ටී.ඊ ඊලාම් සිතියම පිටුපසට සිටින අයුරුත් දේවරූපය ඉදිරිපසට සිටින අයුරුත් දැක්වෙන ධජයක් රැගෙන ගොස් ඇති බවට වාර්ථා වෙයි.

මේ අනුව අදාල සිතියම සහිත ධජය රැගෙන ගිය පුද්ගලයා සොයා මාණිප්පායි පොලීසිය විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ