ශ‍්‍රීලනිප තවත් 10ක් ධුරයන් අතහැර විපක්‍ෂයට.. ආණ්ඩුවේ ශ‍්‍රීලනිප පිරිස 13ක් වෙයි.. - Neth News Blog

Jun 30, 2018

ශ‍්‍රීලනිප තවත් 10ක් ධුරයන් අතහැර විපක්‍ෂයට.. ආණ්ඩුවේ ශ‍්‍රීලනිප පිරිස 13ක් වෙයි..

දැනට ආණ්ඩුව නියෝජනය කරමින් සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 23 දෙනොගෙන් 10 දෙනෙකු ධුරයන් අතහැරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මෙම දස දෙනාද ඒකාබද්ද
විපක්‍ෂයට එක්වනු ඇති බවයි.

මෙමපිරිස දැනටමත් ඒකාබද්ද විපක්‍ෂය හා මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ රපිස සම සාකච්චා වට කිහිපයක්ම පවත්වා ඇති බවද සදහන්ය.

මේ වන විට ආණ්ඩුව නියෝජය කරමින් සිටින්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 23 දෙනෙකු පමණි.

මෙම දේශපාලන පිල් මාරුව සිදුවුවහොත් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රින් ගණන 80ක් දක්වා ඉහල යන අතර ආණ්ඩුවේ 2/3 බලයද අහිමි වෙයි.