20 සම්මත වුණොත් අර්ජුන් අලෝසියස් මහා හොරා ජනාධිපති ධුරයට.. - Neth News Blog

Jun 4, 2018

20 සම්මත වුණොත් අර්ජුන් අලෝසියස් මහා හොරා ජනාධිපති ධුරයට..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

ජවිපෙ ගෙනා විසි වන සංශෝධනය අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන  බලය බෙදීම සම්බන්ධයෙන් කටයුතු
කරන මහ බල සම්පන්න ජනාධිපතිවරයා පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ බහුතර කැමැත්තෙන්. වර්තමාන අගමැතිට ඉන්නේ මන්ත්‍රිවරුන් 107යි.  නමුත් දයාසිරි මන්ත්‍රිතුමාගේ හෙලිදරව්ව අනුව අර්ජුන් ඇලෝසියස්ට නම් මන්ත්‍රිවරුන් 118 කගේ කැමැත්ත සහයෝගය තිබෙනවා.  එහෙම නම් විස්ස සම්මත වුණොත් ඒ යටතේ පළමු ජනාධිපති වන්නේ ඉතිහාසයේ ලොකුම හොරා වන අර්ජුන් ඇලෝසියස්ය කියන එක ඉතාම කණගාටුවෙන් වුණත් රටට දැනුම් දෙන්න කැමතියි.


මේ දවස් වල ආණ්ඩුවේ බෝල පාස් කිරීමේ ක්‍රීඩාවක් යනවා.  කතානායක ජනපති ලේකම්ගෙන් මුදල් ලබා ගත් මන්ත්‍රිවරුන් 118 දෙනාගේ නම් හෙලි කරන්න කියා දැනුම් දෙනවා.  එතකොට ජනපති ලේකම් කියන්නේ ඒ තොරතුරු තිබෙන්නේ ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ කියලා.  ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියාම “අපට වසර තිහක් යන තුරු මෙම තොරතුරු රහසිගතව තබා ගන්න ජනපති ලේකම් උපදෙස් දුන්නා“ කියලා එතැන ඉන්න නිළධාරින් කියනවා.  නැවතත් ඔන්න බෝලේ යනවා ජනපති ලේකම්ට.  එතකොට මේවා හෙලි කළාට කමක් නැද්ද කියා ජනපති ලේකම් නීතිපතිගෙන් උපදෙස් ගන්නවා.

නීතිපති ගැන අපි නොදන්නවද?  ලඟදීම වාර්තාව ලබා නොදෙන්න, එම වාර්තාව ලබා දීම නීතියට පටහැනිය, පවතින විමර්ශන වලට බාධාවක් ය කියලා එතුමන්ගේ උපදෙස් ලැබෙන්නට බොහෝදුරට ඉඩ තිබෙන බව මගේ මතයයි.

මේක කෙලින්ම බෝලය පාස් කිරිල්ලක්.  ජනාධිපති කොමිසමකින් ජනාධිපතිට නිර්දේශයක් මිස නියෝගයක් දෙන්න බලයක් නෑ.  ඒ නිසා කොමිසම රහසිගතව නම් තබා ගන්න නිර්දේශ කළත් එම නම් හෙලි කරන්න ජනපතිට බලය තිබෙනවා.  ඒ නිසා බෝලය පාස් කරමින් ඉන්නේ නැතුව ඒ නම් හෙලි කරලා අවංක මන්ත්‍රිවරුන්ගේ ගෞරවය රැක දෙන්න කියා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල