මට ඕනනම් ඇලෝසියස්ට සල්ලි දෙන්න පුලුවන්… මට ඒ තරම් සල්ලි තියනවා – ඇමති කබීර් කියයි - Neth News Blog

Jun 4, 2018

මට ඕනනම් ඇලෝසියස්ට සල්ලි දෙන්න පුලුවන්… මට ඒ තරම් සල්ලි තියනවා – ඇමති කබීර් කියයි

බැදුම්කර වංචාවට චූදිත වූ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාමෙන් තමා මුදල් ලබාගෙන නැති බවත්, අවශ්‍යනම් එම සමාගමට තමන්ට මුදල් ලබාදිය හැකි බවත් ඇමති කබීර් හෂීම් පවසයි.

තමා පර්පෙචුවල් සමාගමෙන් මුදල් ලබාගත් බවට මෛත්‍රී ගුණරත්න
මහතා කළ ප්‍රකාශයක් පිළිබදව අදහස් පලකරමින් ඔහු මේ බව කියා සිටියේ ඊයේ 04 මාවනැල්ලේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

“මට දේශපාලනය කරන්න එක එක කොම්පැණිවලින් සල්ලි ගන්න ඕන නෑ. මාගේ තාත්තා අම්මා හම්බකරල තියන දේපොළවලින් ඕනනම් මට පර්පෙචුවල් සමාගමට කීයක් හරි දෙන්න පුලුවන්“ යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඇමති කබීර්ගේ ද නම කියවුණු අතර, වංචාව හේතුවෙන් රටට කෝටි ගණනක් පාඩු සිදුවූ රාජ්‍ය බැංකු පැවතුණේ ඔහු යටතේය.

දුම්බර අඩවියේ අක්කර දෙදහකට වැඩි ප්‍රමාණයක් කුණු කොල්ලයට හිතවත් ව්‍යාපාරිකයන්ට ලබා දී කොමිස් මුදල් සාක්කුවේ දා ගැනීම ගැනද අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.

අමාත්‍යාංශයේ කොන්ත්‍රාත් හිතවත් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට පමණක් ලබා දෙමින් අන්ත ජාතිවාදී ලෙස කටයුතු කිරීම සහ අයතා ගණුදෙනු පිළිබදවද අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.