2018 මාර්තු මස 7 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වුණු සමාජ ජාල තහනම හේතුවෙන් අප රටේ ආර්ථිකයට සිදුවූ පාඩුව මවන විට අන්තර්ජාතික සංවිධානයක් වන Netblocks.org හරහා ගණනය කර තිබෙනා අතර එය නිල වශයෙන් අන්තර්ජාල සංසදය
(internetsociety.org) නිවේදනය කර තිබේ.
ඒ අනුව තහනම පැවතුණු දින හතක කාලයට රටේ ආර්ථිකයට සිදුවූ දළ වශයෙන් පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 30 (රුපියල් බිලියන 4.7) වන බව එම සංවිධානය ප්රකාශ කර තිබේ. එම නිවේදනය මෙතනින්
ඉහත සඳහන් එම අගය ගණනය වීමට මූලික හේතු :-
1. සමාජ ජාල තහනම තුලින් රටේ සංචාරක කර්මාන්තයට හා ව්යාපාරික ප්රජාවට දැඩි හානියක් සිදුවීම.
2. රට තුල පවතින වෙනත් විදේශ විනිමය උපයන ව්යාපාර සඳහා දැවැන්ත හානියක් සිදුවීම.
3. තහනම නිසා දේශීය ෆේස්බුක් මෙහෙයුම් පද්ධතිය කරා ගමන්ගත් දත්ත විදේශීය පද්ධතිය කරා යෑම නිසා අන්තර්ජාල සේවා සපයන්නන්ට පාඩුවක් සිදුවීම.
4. සාමාන්ය දුරකථන මාර්ග භාවිතා කිරීමට රටේ දුරකථන සමාගම්වලට ලාභයක් සිදුවුව ද, අනෙක් පසට අන්තර්ජාතික දුරකථන පද්ධති භාවිතය සඳහා වූ වියදම් නිසා රටේ විදේශ විනිමයට දැඩි පාඩුවක් සිදුවීම.
5. ෆේස්බුක්වල සිටිනා අයව සාමාන්ය දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගත නොහැකි වීම නිසා ව්යාපාරික ප්රජාවට දැවැන්ත පාඩුවක් සිදුවීම.
6. රටේ පුද්ගලයන් විදේශීය අන්තර්ජාල අංක භාවිතා කරමින් සමාජ ජාලා භාවිතා කර ඇති නිසා අන්තර්ජාල වෙළෙඳ දැන්වීම්වලට දේශීය ව්යාපාරික ප්රජාවට සිදු කෙරූ ආයෝජනය අපතේ යෑම.
මෙවන් වතාවරණයක් තුල පසුගිය මැයි මස 31 වනදා පොලිස්පතිවරයා ඉදිරිපත් කෙරූ වාර්තාවක් ඇසුරෙන් ජනාධිපතිවරයා ප්රකාශ කරන්නේ එම වාර්තාවේ සඳහන් තත්ත්වය දිගටම පැවතියහොත් සමාජ ජාල තහනම් කිරීමට සිදුවන බවය.
ඉංග්රීසි භාෂාව, අන්තර්ජාතික නීතිය හා නීතියේ පදනම ප්රගුණ නැති ශ්රීලංකා පොලිසියේ නිලධාරීන්ගේ නොහැකියාව හා රටේ අන්තර්ජාල පද්ධතියේ වගවීමේ දෝෂ නිසා රටේ සමාජ ජාලා තුල සිදුවන සිද්ධීන් නීතිය හමුවේ පාලනය කර නොහැකි බවට අප සාක්ෂි සහිතව හෙලිදරව් කරමු.
ශ්රී ලංකා රජය හා ඉන්දියානු රජය ෆේස්බුක් සමාගමෙන් කර ඇති තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන් දත්ත අනුව පැහැදිලි වන්නේ 2013 වසරේ සිට 2017 වසරේ මැද දක්වා ඉන්දියානු රජය ෆේස්බුක් ගිණුම් 67,354 ක තොරතුරු ඉල්ලා ඇති අතර, එම කාලයෙ දීම ශ්රී ලංකා රජය තොරතුරු ඉල්ලා ඇත්තේ ගිණුම් 9 ක තොරතුරු පමණි.
උක්ත කරුණු අනුව ශ්රීලංකා පොලිසියේ පොලිස්පතිවරයාගේ වාර්තාව හා ජනාධිපතිවරයාගේ ප්රකාශය අප එකමුතුව සම්පූර්ණයෙන් හෙළාදකින අතර, මේ පිළිබඳව අප එකමුතුව සමඟ හැකිනම් ප්රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අපි ඔවුන්ට අභියෝග කර සිටිමු.
චිරන්ත අමරසිංහ
මාධ්ය ප්රකාශක
සමාජ ජාල එකමුතුව
Jun 4, 2018
සමාජ ජාලා තහනමෙන් ලංකාවේ ආර්ථිකයට බිලියන 4.7ක් පාඩු වෙලා.. විදෙස් සගරාවක් හෙලි කරයි..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
