අන්තිම මොහොතේ අගමැතිට පක්ෂව ජන්දය දුන් රංගේබණ්ඩාර දැන් කියන කතාව - Neth News Blog

Apr 4, 2018

අන්තිම මොහොතේ අගමැතිට පක්ෂව ජන්දය දුන් රංගේබණ්ඩාර දැන් කියන කතාව

විශ්වාසභංග යෝජනාවට විරුද්ධව තමන් ඇතුලූ 27 දෙනෙකුගේ කණ්ඩායමක් ඊයේ ඡන්දය ප‍්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන පිළිබඳ රනිල් වික‍්‍රමසිංහ මහතා ලබා දුන් පොරොන්දු හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සහ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. ඒ අනුව ලබා දුන්
පොරොන්දු ඉටු කිරීමට රනිල් වික‍්‍රමසිංහ මහතා දැන් පියවර ගත යුතු බවයි ඔවුන් කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන පිළිබඳ කමිටු වාර්තා 3ක් මේවනවිට රනිල් වික‍්‍රමසිංහ මහාත වෙත භාර දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන සිදු කරන බවට රනිල් වික‍්‍රමසිංහ මහතා එහි නියෝජිතයින් වෙත ලිඛිත පොරොන්දුවක්ද ලබා දී ඇතැයි මීට පෙර ප‍්‍රකාශ කෙරුණා.