ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහි ගෙනඑන ලද විශ්වාසභංගයට සහය පල කිරීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය පෙළ ගැස්වීමට හා ඒකාබද්ධය සමඟ සම්බන්ධීකරණය සිදු කිරීමට මූලික වූ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අද (04) දිනයේ මූලාසනයට පැමිණියහොත් ඊට විරෝධය දැක්වීමට එජාපය සූදානම්වන බව වාර්තා වේ.
එසේම අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කළහොත්
සුමතිපාල මහතාට එරෙහිව එජාපය විසින් විශ්වාසභංගයක් ගෙනඒමට සූදානම් වන බවද පැවසේ.
මේ අතර, විශ්වාසභංගයට අත්සන් තබන ලද ශ්‍රීලනිප මන්ත්‍රීවරු සිවුදෙනා හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පෙරවරැවේ සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට බාරදීමට සූදානම්වන බවට ද රාවයක් පැතිර තිබේ.
එසේම විශ්වාසභංගය පරාජයවුවහොත් තිලංග සුමතිපාල මහතා ද අදාළ ධූරයෙන් ඉවත්වීමට සූදානමින් සිටින බව පැවසේ.
ඊයේ (03) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත්තේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්නට පක්ෂයක් ලෙස තීරණය කරන්නේ නම් ඊට පෙර අමාත්‍ය ධූරයන්වලින් ඉල්ලා අස්වීම සදාචාරාත්මක බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇත්තේ මීට පෙරද විශ්වාසභංග පැමිණි බවත්, එම අවස්ථාවල අමාත්‍යධූර අතහැර ඒවාට ඡන්දයදීමක් සිදු නොවූ බවත්, එබැවින් විශ්වාසභංගය පැරදුනද 05 වැනිදා සිට සුපුරුදු ලෙස වැඩ කරගෙන යා යුතු බව පවසා තිබේ.
06 දා කැබිනට් සංශෝධනයක්
ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා, අගමැතිවරයා හා එජාප මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවේදී විශ්වාස භංගයෙන් පසුව 05 වැනිදාකැබිනට් මණ්ඩලයක් නම් කර 06 වැනිදා එම කැබිනට් මණ්ඩලය දිවුරුම් දියයුතු බව ජනාධිපතිවරයා පවසා තිබේ.
Apr 3, 2018
Home
Unlabelled
තිලංගට අද එජාපයෙන් විරෝධයක් !
තිලංගට අද එජාපයෙන් විරෝධයක් !
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
