පුරප්පාඩු ඇමැති ධුර 06 ශ්‍රීලනිපයටම ! - Neth News Blog

Apr 11, 2018

පුරප්පාඩු ඇමැති ධුර 06 ශ්‍රීලනිපයටම !

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් ඇමැති ධුර හය කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පිරිසකට හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් අද හෙටම සිදු කරන බව ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති අතර එහිදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මෙම ඇමැති ධුර පිරිනැමෙනු ඇති බව ද පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති හෝ නියෝජ්‍ය ඇමැති දුරයක් හිමිවී නොමැති අංගජන් රාමනාදන් හා කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන්ට ද රාජ්‍ය ඇමැතිධුර හෝ නියෝජ්‍ය ඇමැති ධුර හිමිවනු ඇතැයි වාර්තාවේ.

විශ්වාස භංග යෝජනාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරු 26 දෙනෙක් ආණ්ඩුව සමග එක්ව කටයුතු කරති.

ඉන් පිරිසක් ජනාධිපතිවරයා සමගත් අගමැතිවරයා සමගත් ඊයේ පස්වරුවේ වෙන වෙනම  සාකච්ඡා පවත්වා ඇත.

මෙම සාකච්ජා වලදී එජාපයට හා ශ්‍රීලනිපයට වෙන් කර ගෙන ඇති ඇතැම් අමාත්‍යංශ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගෙන ඇතැයි වාර්තා වේ.