විෂය ධාරා හයක් යටතේ 2016 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් දෙලක්ෂ හැට තුන් දහස් පන්සිය පනහක් අතුරින් විෂය ධාරා අනුව පළමු වැනි, දෙවැනි හා තුන් වැනි ස්ථාන හිමි කර ගත් සිසුන් වැඩි පිරිසක් කොළඹින් පිට ප්‍රදේශවලින් තේරී පත්වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
කින්නියා, කල්මුණේ, මනිපායි, චුන්නාකම්, ඔඩ්ඩමාවඩි, කෑගල්ල, හිඟුරග්ගොඩ ආදී ප්‍රදේශවල සිසුහුද ඒ අතර වෙති.
ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය මාතර රාහුල විද්‍යාලයේ ආර්.ජී.නිසල් පුන්සර, දෙවන සාථානය කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ එම්. රොෂේන් අක්තාර්, තෙවන ස්ථානය කල්මුණේ කාර්මෙල් ෆාතිමා විද්‍යාලයේ ජී. ක්ලෙරින් දිලූජාන්
භෞතීය විද්‍යා විෂය ධාරාව ඔස්සේ දිවයිනේ ප්‍රථම ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ.ඩී.එම්. අමායා ධර්මසිරි, දෙවන ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ යූ.ජී.චතුර ජයසංඛ, තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ එම්.බී.සවිඳු දිමාල් තානුක
වාණිජ්‍ය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ මුදිත අකලංක රාජපක්ෂ, දෙවන ස්ථානය කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ඔනිල් වින්දුල පෙරේරා, තෙවන ස්ථානය පොලොන්නරුව ආනන්ද බාලිකා ජාතික පාසලේ නිපුනි ධනංජනී රුපසිංහ
කලා විෂය ධාරාව ඔස්සේ දිවයිනේ ප්‍රථම ස්ථානය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉන්දීවරී ගවරම්මන, දෙවන ස්ථානය යාපනය හින්දු විද්‍යාලයේ පද්මනාදන් කුරුපරෙෂාන්, තෙවන ස්ථානය කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේ යූ.ඩබ්ලිව්. අමන්දා පාරමී
ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව ඔස්සේ දිවයිනේ ප්‍රථම ස්ථානය යාපනය ස්කදන්දවාරෝදය විද්‍යාලයේ කනකසුන්දරම් ජතුර්සජාන්, දෙවන ස්ථානය මාතලේ විද්‍යා විද්‍යාලයේ නිසල් කොබ්බෑකඩුව, තෙවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සන්දීප අන්ජලී රණතුංග
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව ඔස්සේ දිවයිනේ ප්‍රථම ස්ථානය කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ මලිති ශශිකලා, දෙවන ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ මයුමි තත්සරණී, තෙවන ස්ථානය ඔඩ්ඩමාවඩි මධ්‍ය මහා විද්‍යාලයේ ඉල්යාස් ෆාතිමා අරෝස
පොදු විෂය ධාරාවන් ඔස්සේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ තිලාර ඒකනායක, දෙවන හා තෙවන ස්ථාන පෞද්ගලික අයදුම්කරුවන් ලෙස පෙනී සිටි තුන්මෝදර, පැල්පොල ප්‍රදේශයේ පදිංචි ධනංජය විමුක්ති කරුණාරත්න විසින් සහ ගාල්ල, උළුවිටිකේ ප්‍රදේශයේ පදිංචි ලහිරු සසංක
Jan 7, 2017
මෙවර උසස් පෙළ විශිෂ්ටයෝ මෙන්න
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
