2017 වර්ෂය තුළ විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
නව වර්ෂයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා විදේශ රැකියා අමාත්‍යංශයේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් පසුගිය 02 වැනිදා ඇය මේ බව සඳහන් කළාය.
‘මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්‘ යන තේමාව යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති මාලාවට අනුව විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වාදීමට දුන් පොරොන්දුව නව වසරේ ක්‍රියාත්මක කිරීමට හැකිවීම පිළිබඳව සතුටුවන බවත් මෙම ප්‍රතිපත්ති මාලාවේ විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදුන් පොරොන්දු තුනෙන් දෙකක් මේ වන විට ඉටුකිරීමට හැකිවී තිබෙන බවත් අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
ඒ අනුව පසුගිය 2016 වසරේ ජනවාරි මස 08 දින ක්‍රියාත්මක කළ ශ්‍රමික සුරැකුම වැඩසටහන, තවදුරටත් විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවත්, ඒ හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිළධාරීන්ට ලබාදුන් වගකීම තවදුරටත් ලබාදෙමින් කටයුතු කිරීමට සූදානම් බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
Jan 4, 2017
Home
Enghish News
Gossip King
hot news
Sinhala News
විදෙස්ගත ලාංකිකයින්ට මේ වසරේ සිට ලැබෙන විශේෂ වරප්‍රසාදය මෙන්න
විදෙස්ගත ලාංකිකයින්ට මේ වසරේ සිට ලැබෙන විශේෂ වරප්‍රසාදය මෙන්න
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
