ශ‍්‍රීලනිපයෙන් ඒකාබද්ධ විපක්ෂයට එන පිරිසක් ගැන හෙළිදරව්වක් - Neth News Blog

Dec 27, 2016

ශ‍්‍රීලනිපයෙන් ඒකාබද්ධ විපක්ෂයට එන පිරිසක් ගැන හෙළිදරව්වක්

ආණ්ඩුවට එරෙහි පුළුල් පෙරමුණක් ගොඩනැගීම මේ වන විට ආරම්භ කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා පැවසුවේ පාර්ශ්ව ගණනාවක් ඒ සඳහා එක්වීමට කැමැත්තෙන් සිටින බවයි.

මල් පොහොට්ටුව ලකුණෙන් මෑතකදී පිහිටුවාගත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට ද ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව මන්ත‍්‍රීවරයා සඳහන් කළා
තීරණාත්මක මොහොතක ඒකාබද්ධ විපක්ෂය හා එක්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සූදානමින් සිටින බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.