ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාවට අදාළ වාර්තාව සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සාකච්ඡාව පක්ෂ නායකයන් කැඳවා හෝ දිනයක් වෙලාවක් වෙන්කර ගත යුතු යැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසයි.
ඔහු පවසන්නේ බැඳුම්කර වංචාවෙන් රටට සිදුවූ බිලියන ගණනක පාඩුව අදාළ වගකිව යුතු පාර්ශ්වයෙන් අයකර ගැනීමටත්, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් මෙවැනි ගනුදෙනු ඉදිරියේදී ඇති නොවීමට අදාළ ආයතන කටයුතු කරවීමටත් ආණ්ඩුව වහාම පියවර ගත යුතු බවයි.
එසේ නොවුණොත් රටේ ජනතාවගෙන් ඇති වන බලපෑම කිසිසේත්ම වැළැක්විය නොහැකි බව පවසන කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණද ඊට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවය.
ලබන වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදීම බැඳුම්කර වංචාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවට ගෙන ආයුතු බව දිගින් දිගටම තමා ඉල්ලා සිටින නමුත් පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුකාරක සභා පිළිබඳ සාකච්ඡාවට ගැනීමට සූදානම් වන බවත් පෙනෙන්නට ඇතැයිද මන්ත්‍රිවරයා චෝදනා කරයි.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (26දා) පැලවත්ත පිහිටි ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද කීය පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විමර්ශනය කළ බැඳුම්කර වාර්තාව ගැන ජවිපෙ අපි අපේ ස්ථාවරය කිව්වා. කෝප් කමිටුවේ වාර්තාව සභාපති හැටියටත්, පක්ෂය ලෙසත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ වාර්තාව ඉදිරිපත් කළේ ඔක්තෝබර් 28 වැනිදා. නමුත් තවම විවාදයක් වෙලා නෑ.
දැන් මේ වාර්තාව පාර්ලිමේන්තුව සතුයි. සමස්ත පාර්ලිමේන්තුව වෙනුවෙන්ම එහි වගකීම කතානායකවරයාට පැවරී තිඛෙනවා. ඒ නිසා ලබන වසරේ පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදීම මෙය විවාදයට ගත යුතුයි. මෙය ක්‍රියාවට නංවන්නට කැබිනට් යාන්ත්‍රණයක් අවශ්‍යයි.
මහ බැංකුව පළමු වතාවට මුදල් අමාත්‍යාංශයෙන් ගලවලා අගමැතිවරයාගේ අමාත්‍යාංශය යටතට පත් කළා. පාර්ලිමේන්තුව විසුරුවා හරිද්දිත් මේ බැඳුම්කර ගනුදෙනුව ගැන සංවාදයක් තිබුණා. මෙහි අලාභය පළමුවෙන්ම විමර්ශනය කළ යුතුව තිබුණෙ මහ බැංකුව විසින්. මහ බැංකුවෙන් එය සිදු නොවෙද්දි ඊට පස්සේ කාතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ගාමිණි පිටිපන වාර්තාවෙන් සෑහීමකට පත් වෙන්න බැරි නිසා 2015 මැයි 20 පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 19 දෙනකුගෙන් යුත් අනු කමිටුවක් පත් කළා. මේ ගනුදෙනුවට අදාළව මේ අනුකාරක සභාවේ වාර්තාව ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගැනුනත් එය පාර්ලිමේන්තුවේ අනුමත වුණේ නෑ.
ඒ අතරේ 2015 ජුනි 26 පාර්ලිමේන්තුව හදිසියේ විසිරුවා හැරියා. ඒ අනුව 7 වැනි පාර්ලිමේන්තුවට මෙම බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න බැරි වුණා. 8 වැනි පාර්ලිමේන්තුවේදී තමයි මහ බැංකුව කෝප් කමිටුවට කැඬෙව්වෙ. එතැනින් පසු නැවත යට ගිය බැඳුම්කර ගනුදෙනුව ගැන පරීක්ෂණය යළි ආරම්භ කරන්න කටයුතු කළා. එහිදී කලින් වාර්තාවේ කරුණු පදනම් කරගෙන යළි බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කෝප් කමිටුවේ මුළු කාරක සභාවම ඒ වගකිම භාරගෙන කටයුතු කළා.
ජවිපෙ පළාත් සභා මන්ත්‍රි නීතිඥ සුනිල් වටගල ආණ්ඩුව කියනවා මේ වාර්තාව නීතිපතිට යොමු කළා කියලා. දැන් සමාජයේ කතිකාවක් ඇතිව තිඛෙනවා නීතිපතිට මේ වාර්තාව ඉදිරිපත් කරල තිඛෙන නිසා ඒ වාර්තාවට අනුව අධිකරණයේ නඩුවක් යෑමට සාක්ෂි නෑ කියලා. මෙය යටපත් කරන්න බොහෝ ඉඩකඩ පවතියි කියලා. මේ බිලියන ගණනක වංචාවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන කුකුසක් ඇතිවෙලා තියෙනවා.
මේ වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමට පෙර වෙනත් යායුතු තැන් කිහිපයක් තිඛෙනවා. අපරාධ නඩුවක් හරියට දම්වැලක් වගේ. එක පුරුකක් ගැලවුණොත් ප්‍රශ්නය වෙන අතකට හැරෙනවා. කෝප් කමිටුව කිව්වා බැලූ බැල්මට මෙහි මූල්‍ය වංචාවක් තියෙනවා කියලා. හැබැයි මේ වාර්තාව එකපාරම නීතිපතිට යොමු කළා. හරිනම් එය යැවිය යුතුව තිබුණේ අල්ලස් හෝ දූෂණ කොමිසමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, ජනාධිපති විමර්ශන කොමිසමට වගේම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කියන පරීක්ෂණ යාන්ත්‍රණවලට. එම යාන්ත්‍රණවල එන ප්‍රතිඵල පදනම් කරගෙන තමයි නීතිපතිට අධිචෝදනා සහිත වාර්තාවක් ඉදිරිපත් කළ යුත්තේ. එහෙම නැතිව නීතිපති පරීක්ෂණ යාන්ත්‍රණයක් නොවෙයි. හැබැයි සමාජයේ සාකච්ඡා වෙන්නේ මේ සිද්ධිය යට ගහන්න කටයුතු කරනවා කියලා.
අපරාධයක පෙර හා පසු හැසිරීම තමයි මූලික වෙන්නේ. දැන් පසු හැසිරීම ගැන අපි බැලිය යුතුයි ඒ මහතා පැවසීය.
Dec 27, 2016
Home
Unlabelled
බැඳුම්කර සිද්ධියේ වගඋත්තරකරුවන් රකින්න ආණ්ඩුවට ඉඩදෙන්නේ නැහැ
බැඳුම්කර සිද්ධියේ වගඋත්තරකරුවන් රකින්න ආණ්ඩුවට ඉඩදෙන්නේ නැහැ
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
