අයාලේ යන සුනඛයන් පාලනය කිරීමේ වැඩසටහන පළාත් සභාවලට පැවැරීමට තීරණය කර ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ වනතුරු සෞඛ්‍ය අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන සහ සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දියත් කරන ලද අයාලේ යන සුනඛයන් පාලනය කිරීමේ වැඩසටහන පළාත් සභාවට පවරන බව පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය 28වනදා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කර තිබේ.
කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීරණයකට අනුව මෙය සිදු කෙරෙන බවද ඒ අනුව සුනඛයන් වන්ධ්‍යකරණය, එන්නත් කිරීම ආදිය පළාත් සභා යටතේ සේවය කරන පශු වෛද්‍යවරුන්ගේ නිශ්චිත කාර්යයන් වනු ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
සුනඛයන් පාලනය කිරීම සඳහා මෙතෙක් පැවැති වැඩසටහන අසාර්ථක වීම නිසා මෙම තීරණය ගෙන තිබේ.
අයාලේ යන සුනඛයන් පාලනය කිරීම සඳහා පළාත් සභාවලට අලුතින් පශු වෛද්‍යවරුන් පිරිසක් බඳවා ගැනීමටද කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
Dec 30, 2016
අයාලේ යන සුනඛයන් පාලනය පළාත් සභාවලට පවරයි
Tags
# Enghish News
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Enghish News,
Gossip King,
hot news,
Sinhala News
