සෙල්ලකතරගම බල්ලන් සල්ලන් කළ කිඹුලා - Neth News Blog

Dec 29, 2016

සෙල්ලකතරගම බල්ලන් සල්ලන් කළ කිඹුලා

කතරගම මැණික් ග‍ඟේ නිතර සැරිසරන දැවැන්ත කිඹුලකු පෙරේදා (27) රාත්‍රි සෙල්ල කතරගම මාර්ගයේ සැරි සරමින් සිටිය දී ප්‍රදේශ වාසීන් විසින් දැක වන ජිවි නිලධාරින්ට දැනුම් දිමෙන් පසුව අල්ලා ගනු ලැබීය.

අඩි 11 ක් තරම් දිග වු මෙම කිඹුලා පැමිණ ඇත්තේ නිවාස තුල හා මාර්ගයේ සිටින බල්ලන් අල්ලා ගොදුරු කර ගැනීම පිණිස බව ප්‍රදේශ වාසිහු පවසති. දින කීපයක සිට විටින් විට නිවාසවල සිටි බල්ලන් අතුරුදහන් වු බව ප‍්‍රදේශ වාසීන් පවසති.

සෙල්ල කතරගම මාර්ගයේ සිටිය දී පෙරේදා රාත්‍රි මෙම කිඹුලා අල්ලා ගත් වන ජිවි නිළධාරින් කිඹුලා යාල වන උද්‍යානය වෙත රැගෙන ගොස් තිබේ.
මේ වන විට මේ වැනිම ප්‍රමාණයේ දැවැන්ත කිඹුලන් රැසක් කතරගම මැණික් ගගේ නිතර සැරි සරණ බව ජනයා පවසති.