රුපියලේ අගය ඉහළ පහළ යාම ආනයනකරුවන්ට පීඩනයක් - Neth News Blog

Dec 29, 2016

රුපියලේ අගය ඉහළ පහළ යාම ආනයනකරුවන්ට පීඩනයක්

ශ‍්‍රී ලංකා මුදලින් අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල මේ වන විට රුපියල් 151 යි ශත 69 ක් දක්වා අඩු වී තිබෙනවා.

ඉකුත් දිනවල මෙම අගය පැවතියේ රුපියල් 152 ද ඉක්මවායි. කෙසේ වෙතත් රුපියල තවමත් ස්ථාවර වී නොමැති බව ආර්ථික විශ්ලේෂකයෙකු වන අසන්ත සිරිමාන්න පෙන්වා දෙනවා.

ශ‍්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය ප‍්‍රතිපත්ති ඊට බලපා තිබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
අමෙරිකානු වෙළෙඳපොළේ හැසිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති ගිවිසුම් ද රුපියල කෙරෙහි බලපෑම් ඇති කරන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

රුපියලේ අගය ඉහළ පහළ යාම ආනයන සහ අපනයන වෙළෙඳපොළ කෙරෙහි ද බලපෑමක් ඇති කරනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ මේ හේතුවෙන් ආනයනකරුවන්ට බොහෝවිට එය පාඩු සිදුවෙන බවයි.

ඇතිවන පීඩනය ආනයනකරුවන් විසින් දරාගන්නා බවද ඒ නිසා පාරිභෝගිකයින්ට සෘජු බලපෑමක් තවමත් ඇති වී නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.