පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී ඇසුරු කළ තරුණියන් සම්බන්ධයෙන් සෙවීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය ආරම්භකර ඇතැයි වාර්තා වේ.
මේ අතර, රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 125 ක මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමට සොයන තවත් අධ්‍යක්ෂවරියක් රටින් පැනගොස් ඇතැයි ද වාර්තා වේ.
මෙසේ පැනගොස් ඇත්තේ බටපොල ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා යන අයයි.
ඇය එංගලන්තයට ගොස් සැඟවී සිටින බවට මේවන විට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට තොරුතුරු ලැබී ඇති බවද වාර්තා වේ.
ඇය ඉන්දික ප්‍රභාත් කරුණාජීව යන අයගේ බිරිය වන අතර ඔහුද අධිකරණය මග හැර එංගලන්තයට පැන ගොස් ඇති බව පැවසේ.
මෙහි ඉන්දික ප්‍රභාත් කරුණාජීව නමැත්තා විදේශ ගතව අධිකරණය මග හැර සිටින බැවින් ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන සහිත විවෘත වරෙන්තුවක් ද අධිකරණය නිකුත් කර ඇති බව පැවසේ.
අංක 31/3 හෝර්ටන් පෙදෙස කොළඹ 7 ලිපිනයේ පදිංචිව සිටි ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 752652066 V වන අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය NS 412248 වේ.
නිත්‍යා අත්අඩංගුවට
මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ තවත් අධ්‍යක්ෂවරියක් වන නිත්‍යා සේනානි සමරණායක පෙරේදා මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත්වූවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාට අයත් එන්.ආර්. ඇසෝසියේට්ස් (NR Associates) හා හෙලෝ කොප් සමාගම් දෙක හරහා මෙම මුදල් විශුද්ධිකරණය කිරීමට ආධාර හා අනුබල දුන් බව කියන මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ සිවුදෙනෙකු ප්‍රකාශ ලබාගැනීමට අධිකරණයට කැඳවා තිබුණි.
එහිදී මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අනාවරණය කරගෙන තිබුණේ දෙදෙනකු මෙරටින් පිටව ගොස් ඇති බවයි.
සුජානි අද බාරවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හිමිකාරිත්වය දරන එන්.ආර්. ඇසෝසියේට්ස් (NR Associates) සමාගමේ සාමාන්‍යධිකාරී තනතුර දැරූ සුජානි බෝගොල්ලාගම මේවන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
ඇය අද (18) අධිකරණයට භාරවීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
නාමල් සමග අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලද්දේ ඉන්දික ප්‍රභාත් කරුණාජීව (අධිකරණය මග හැර එංගලන්තයට පැන ගොස් සිටී) , පවිත්‍රා සුජානි බෝගොල්ලාගම, සුදර්ශන බන්ඩාර ගනේගොඩ, නිත්‍යා සේනානි සමරනායක, බටපොල ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා යන අයයි.
Aug 18, 2016
Home
Unlabelled
නාමල්ගේ කෙල්ලො පස්සේ FCID ය පන්නයි : එක කෙල්ලක් රටින් පැනලා
නාමල්ගේ කෙල්ලො පස්සේ FCID ය පන්නයි : එක කෙල්ලක් රටින් පැනලා
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
