වහාම ක්‍රියාත්මකවන පරිදි ඉදිරි කාලය තුළ සියලුම මැති ඇමතිවරුන්ගේ විදෙස් ගමන් නතරකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝගකර තිබේ.
ඉදිරි කාලය රටේ ජනතාව මුහුණදී ඇති ප්‍රශ්න සහ අර්බුද හඳුනාගැනීමට යොමුකරන ලෙසත්, ඉන් පසුව ඒවාට සහන සැලැසීමට කටයුතු කරන ලෙසත් ජනපතිවරයා උපදෙස් දී ඇත.
මේ වන විට ජනතාව නොමඟ යැවීමට පිරිසක් කටයුතු කරමින් සිටින බවත්, ඉදිරි මාසයේදී අදාළ කාරණා සම්බන්ධයෙන් ජනතාවට නිසි අවබෝධයක් ලබාදිය යුතු බවත් මැති ඇමතිවරුන්ට පවසා ඇතැයි වාර්තා වේ.
කෙසේවුද, මෙගාපොලිස් ව්‍යාපෘතිය හා රාජ්‍ය සේවා පුහුණුවීම්වලට අදාළව ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුවට යමාට නියමිත අතර එම සංචාරයට විදෙස් කටයුතු අමාත්‍ය මංගල සමරවීර, වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම හා අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක ද එක්වීමට නියමිත බව පැවසේ.
අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය ලබන 18 හා 19 යන දිනයන්හිදී පැවැත් වේ.
Jul 9, 2016
මෛත්‍රී මැති ඇමතිලාට විදෙස් ගමන් තහනම් කරයි
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
