ඉදිරි අයවැයෙන් පසුව මෙම ආණ්ඩුව කඩා වැටේ යැයි සමහරු සිතා සිටියාට කිසිසේත් එසේ නොවන බවත් ජනාධිපතිවරයා සමඟ එක්ව ඉදිරි වසර පහක කාලයේ දී රට සංවර්ධනය කරන බවත් පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට එක්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියට ආරාධනා කළේය.
කුමාරසිංහ මහත්මිය සමඟ සිටින මන්ත්‍රීවරුන් දෙපළක් ද ආණ්ඩුවට පැමිණීමට සූදානමින් සිටින බව පැවසූ අගමැතිවරයා දකුණේ සංවර්ධනය ශීඝ්‍රගාමීව සිදුකරන බව සදහන් කළේය.
දකුණට ආයෝජන කලාප දෙකක් ලබාදෙන බව පැවසූ අගමැතිවරයා එම සංවර්ධනය දකුණට උදාකළ පසුව ආණ්ඩුවට එක්වන ලෙස මන්ත්‍රීවරියට දන්වා සිටියේය.
ඉදිරි වසර පහක කාලය තුළ පවතින්නේ මෙම ආණ්ඩුව බව ප්‍රකාශ කළ අගමැතිවරයා දකුණේ නායකයකු සිටිය ද හම්බන්තොට සංවර්ධනය නොවූ බව ප්‍රකාශ කළේය.
නූතන දුටුගැමුණුට කළ නොහැකි වූ එම සංවර්ධනය පිටින් පැමිණෙන තමන් දකුණට ඉටුකර දෙන බව ද දකුණේ මෙන්ම සමස්ත රටේම සංවර්ධනය සිදුකරන බවත් හෙතෙම අවධාරණය කළේය.
සිංගප්පූරු නිල සංචාරය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අගමැතිවරයා මෙම අදහස් පළකළේය.
Jul 22, 2016
රනිල් ගෙන් ගීතාට යෝජනාවක්
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
