කාන්තාවන් 1500 දෙනෙකුට අසභ්‍ය වීඩියෝ, ඡයාරූප, කෙටි පණිවුඩ යැවූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
31 හැවිරිදි මොහොමඩ් අකීල් නම් මෙම පුද්ගලයා සතුව කාන්තාවන් 2000ට අධිකගේ දුරකථන අංක පැවති බව ඉන්දියානු පොළීසිය පවසනවා.
තමාට සිතුන අංකයකට අමතා, එම අංකය කාන්තාවකගේ නම් ඇයට මෙම අසභ්‍ය වීඩියො, ඡායාරූප, පණිවුඩ යැවීමට මොහු කටයුතු කොට ඇති බව සඳහන්.
ඔහු සෑම කාන්තාවකටම මේ ආකරයේ අසභ්‍ය වීඩියෝ යවා නොමැති අතර ප්‍රථමයෙන් ඇයගේ වට්ස් ඇප් ගිණුම නරඹා ඇය ලස්සන නම් පමණක් මෙසේ අසභ්‍ය වීඩියෝ, ඡායාරූප යැවීමට කටයුතු කළ බව ඔහුගේ පාපොච්චාරනයේ සඳහන්.
ඔහු එයින් උන්මාදයක් ලැබූ බවත්, විහිලුවට මෙසේ කළ බවත් ඔහු පොලීසිය වෙත කළ පාපොච්චාරනයේ වැඩි දුරටත් සඳහන් වනවා.
මොහු සතුව තිබී විශාල සිම්පත් ප්‍රමාණයක්ද, ගිගාබයිට් 60 ඉක්මවූ අසභ්‍ය වීඩියෝ ප්‍රමාණයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මොහුව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙස එරට අධිකරණය පොලීසිය වෙත නියෝග කර තිබෙනවා.
Jul 11, 2016
කාන්තාවන් 1500කට අසභ්‍ය වීඩියෝ යැවූ සල්ලාලයා!
Tags
# Gossip King
# hot news
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Gossip King,
hot news,
Sinhala News
