මේ ළඟදී පොඩි ළමයෙක් මට කිව්වා මේ ආණ්‌ඩුව සූටිං-මාටින් වගේ ආණ්‌ඩුවක් කියලා. ඒක ඇත්ත. ආණ්‌ඩුවේ ප්‍රධානීන් දෙන්නගේ අදහස් දෙකක්. ඒ නිසා රට ඉස්‌සරහට යන්නේ නැහැ.˜
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ප්‍රකාශය කළේ පෙරේදා (25 දා) සවස මැදිරිගිරිය පශ්චිමාරාම විහාරස්‌ථානයේ පැවැති ආගමික උත්සවයකට සහභාගි වෙමිනි.
එම විහාරස්‌ථානයේ අලූතින් ඉදිකළ චෛත්‍ය මහජනයා වෙත වන්දනාමාන කිරීම සඳහා විවෘත කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
ඔබ දන්නවා ගොවිතැනට ට්‍රැක්‌ටර් එන්න කලින් සීසෑම සිදුකළේ මී හරකුන්ගෙන්. හැබැයි කවදාවත් අපි දැකලා නැහැ එක මීහරකෙකුයි එක් එළ හරකෙකුයි ජය ගහේ ගැට ගහලා කුඹුරු හානවා. එහෙම කළහම දෙන්නා යන්නේ දෙපැත්තකට. මේ ආණ්‌ඩුවත් එහෙමයි.
අපි ගොඩක් දේ කතා කරන්න ගියහම නොයෙක් දේ කියවෙනවා. එහෙම කිව්වම සමහරුන්ට හිතේ අමාරු හැදෙනවා. රජයේ සේවකයෝ අද වැඩ කරන්න බයයි. බොරු පටවලා නඩු දානවා. එහෙම නැත්නම් සී.අයි.ඩී. අරන් යනවා. ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු කලින්ම කියනවා අසවල් දවසේ අසවලා අත්අඩංගුවට ගන්නවා කියලා. එහෙම කියලා හරියටම අත්අඩංගුවට ගන්නවා. ඕකයි අද යහපාලන ආණ්‌ඩුවේ තත්ත්වය.
මම මේ පන්සලට තුන් පාරක් ආවා. ජනාධිපතිවෙලත් ආවා. පැරදිලත් ආවා. මම හිතුවේ යහපාලනය තියන නිසා මේ පාර එතරම් සෙනගක් මෙතන ඉන්න එකක් නැහැ කියලා. හැබැයි මේ සෙනඟ දැක්‌කහම යහපාලනයේ රඟ පේනවා.
අපි හැමදාම පොළොන්නරුවට ආදරය කළා. එදා මම ඇමැතිවරයෙක් හැටියට වෘත්තීය පුහුණු ආයතන, කාර්මික විද්‍යාල පොළොන්නරුවට ලබා දුන්නා. දියවර ගම්මාන හැදුවා. ලංකා ඉතිහාසයේ පළවැනි වතාවට අයවැයකින් පාසලක් සඳහා මුදල් වෙන් කළා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයට, සෝමාවතියට යන පාර, මනම්පිටිය පාලම හැදුවා. පාරවල් ගණනාවක් කාපට් කළා. ලංකාවේ සෑම ප්‍රදේශයකම පාසල්, රෝහල් වැඩිදියුණු කළා. අපේ දරුවෝ ලෝකයේ ඉස්‌සරහට ගෙනියන්න විද්‍යා හා තාක්‍ෂණ පහසුකම් ඇති කළා. පාසල් දාහක විද්‍යාගාර හැදුවා. ඒවාට භාණ්‌ඩ ලබා දුන්නා. අපිට ඒ විද්‍යාගාර හදන්න ගියේ අවුරුද්දක් විතරයි. හැබැයි අවුරුදු දෙකක් විතර ගිහිල්ලත් මේ අයට අර විද්‍යාගාර ටික තවම විවෘත කරගන්න බැරි වුණා.
මේ ප්‍රදේශවල වකුගඩු රෝගයට විසඳුමක් විදිහට හොඳ ජල යෝජනා ක්‍රමයක් අපි ඇති කළා. සමහරුන්ට අද මේවා අමතකයි. අපි මුළු ආණ්‌ඩු කාලේම ගොවීන්ට රුපියල් 350 ට, 500 ට පොහොර සහනාධාරය ලබා දුන්නා. අද පොහොර මිටිය රුපියල් 2500 යි. ඒකත් කලට වෙලාවට නැහැ.
එදා යුද්ධය තියෙද්දීත් අපි මේ මායිම් ගම්මානවලට ආවා. ඒ යුද්ධයේ තරම අද ජනතාවගෙන් අමතක කරවන්න හදනවා. අපි යුද්ධය නැති කළේ ජාතික සංහිඳියාව ඇති කරන්න. මේ සංහිඳියාව ඇති කරන්න කියලා පසුගිය කාලේ උතුරේ ජනතාවට ආණ්‌ඩුව ඔප්පු ඛෙදුවා. පිට කවරේ වෙන අයගේ මුහුණු තිබුණට ඇතුලේ තිබුණේ මගේ අත්සන. දේශපාලනයේදී දිනනවා. පරදිනවා. මෙහෙම පළිගන්න ගියහම වැඩක් කරන්න වෙලාවත් නැහැ. අපි අවුරුදු නමයටම ණය ගත්තේ මිලියන 9000 යි. හැබැයි මේ අය අවුරුදු දෙක යන්න කලින් ඒ ගාන පන්නලා එක ගමක බෝක්‌කුවක්, පාලමක් හදලා නැහැ.
Jun 27, 2016
මේක සූටිං - මාටින් වගේ ආණ්‌ඩුවක් - මහින්ද
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
