ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සෙනෙට් අසුනක් සඳහා තරඟ කිරීමට එරට කම්කරු පක්ෂයෙන් පළමු වරට ශ්‍රී ලාංකිකයෙකුට නාමයෝජනා හිමිව තිබේ.
ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ නව දකුණු වේල්ස ශාඛාව(NSW)වෙනුවෙන් එරට වෙසෙන ජගත් බණ්ඩාරට මෙලෙස නාමයෝජනා හිමිව ඇති බව සඳහන්ය.
මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ජගත් බණ්ඩාර මහතා පවසා ඇත්තේ තමන් ඕස්ට්‍රේලියාවට පැමිණි දින සිට වැඩ කළ සෑම ක්ෂේත්‍රයකම ඉතාම උනන්දුවෙන් හා වෙහෙස මහන්සිවී සේවය කළ බව හා සාමූහිකව සහයෝගයෙන් කටයුතු කළ බවයි.
එසේම එරට අඩු ආදායම්ලාභී කම්කරු ජනයාගේ වෘත්තීමය ගෞරවය ආරක්ෂා කරනු පිණිස තමන් ඔවුන් වෙනුවෙන් හඬ නැඟූ බවත්,ඔවුන්ගේ ඉල්ලීම අනුව තමන් මෙම මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වූ බවත් හෙතෙම සඳහන් කරයි.
ඕස්ට්‍රේලියාව රටක් ලෙස එරට වෙසෙන විවධ ජනවර්ගයන්ට සමාන ඉඩප්‍රස්ථා ලබාදෙන බවත්,සාර්ථකත්වය අත්පත්කර ගැනීමට සමාජ ආර්ථික තත්ත්වයන් නිසි ලෙස ලබාදෙනු තමන් අත්දුටු බවත් ජගත් බණ්ඩාර මහතා පවසයි.
එළඹෙන මැතිවරණයේදී එරට වෙසෙන ලාංකේය ප්‍රජාව සැලකිලිමත්ම ඡන්දය භාවිතා කළ යුතු බවත්,ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකීය ප්‍රජාව එරට වෙසෙන හොඳම ප්‍රජාව ලෙස නම රැන්දිය යුතුව ඇති බවත්,කම්කරු පක්ෂයේ ප්‍රතිපත්ති හා පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් කටයුතු කරන බවට තමන් පොරොන්දු වන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.
මැතිවරණය එළඹෙන ජූලි මස 02 දා පැවැත්වීමට නියමිතය.
Jun 13, 2016
ඔස්ට්‍රේලියානු සෙනෙට් අසුනකට ලංකිකයෙකු නම් කරයි
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
