පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේදී හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ හා අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තනිවීමේ පුවතක් වාර්තා වේ.
එහිදී මොවුන් කථාබස් කළේ මොනවාදැයි යන්න මෙතෙක් හෙළිවී නොමැත.
මේ අවස්ථාව උදාකර දී ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුනාතිලක මහතා බවද පැවසේ.
සිද්ධිය සැකවින් මෙසේය.
පසුගිය දිනක විවාද අතරතුර පහළ මාලයට යාමට පැමිණි ගයන්ත හා නාමල් විදුලි සෝපානය අසල දිවයින පුරා සිදුවූ ජල ගැලීම් ගැන කතා බස් කරමින් සිට ඇත.
ඒ අවස්ථාවේ ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාද විදුලි සෝපානයෙන් පහලට යාමට පැමිණ තිබේ.
ඔවුන් තිදෙනාම විදුලි සෝපානයට ගොඩවූ පසු ගයන්ත හදිස්සියේම පළමු මහළින් විදුලි සෝපානයෙන් බැස ගොස් ඇත.
ඉන් පසුව සෝපානයේ ඉතිරිව ඇත්තේ නාමල් හා ෆොන්සේකා පමණි.
කෙසේවුවද, නාමල්ට ගයන්තව පසුව දිවා භෝජනයේදී මුණ ගැසී තිබේ.
නාමල් “ අයියෝ ගයන්ත අයියා..ඔයත් කරන්නෙ හරි වැඩ. කතාකර කර ඇවිල්ල ඔයා එකපාරටම බැහැල ගියා…මාර කෙළියක් වුණා” යනුවෙන් ගයන්තට නෝක්කාඩු කියා ඇතත් මාර කෙළිය ගැන හෙළිකර නොමැත.
Jun 1, 2016
ෆීල්ඩ් මාෂල් හා නාමල් සෝපානයේ තනිවෙලා
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
