ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපානයේ සංචාරයක නිරත වී සිටියදී ජපන් රථවාහනවල මිල ඉහළ දැමීම ඔහුව දැඩි අපහසුතාවකට පත් කිරීමට යහපාලන රජය හිතාමතා කළ ක්‍රියාවක් බව එජනිස ගම්පහ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්‌සත් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සිසිර ජයකොඩි මහතා පවසයි.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජපන් ව්‍යාපාරිකයන් මුණගැසෙද්දී හවුල් ආණ්‌ඩුව ඒ පිළිබඳ තුට්‌ටුවකට මායිම් නොකර තීන්දු තීරණ ගන්නා බවත් මෙය හවුල් ආණ්‌ඩුවක් යෑයි කීවත් රජය කරන්නේ කවුරුන්ද යන්න දැන් පැහැදිලි බවත් හෙතෙම කියා සිටියේය.
මෙරටට පැමිණෙන සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ගමනා ගමන කටයුතු සඳහා භාවිතා කරන ටොයොටා ප්‍රියස් රථයේ තීරුබදු මිල රුපියල් ලක්‍ෂ 75 කින් පමණ ඉහළ දමා ඇති බවත් කී හෙතෙම එය සංචාරක කර්මාන්තය බිඳ දැමීමේ තවත් එක් කුමන්ත්‍රණයක් බවත් පැවසීය.
මේ හෙයින් රථවාහන හිමියන් සංචාරක ගාස්‌තු ඉහළ දැමීමට කටයුතු කරනු ඇති බවත් රුපියල් හාරදහසක් වන ගුවන්තොටුපළ වෙත යැමේ ගාස්‌තු රුපියල් අටදහසක් ලෙසද කොළඹ සිට දකුණට යැමට අයකරන රුපියල් පහළොස්‌දහසක ගාස්‌තු රුපියල් තිස්‌දහසක් ලෙසට ඉහළ යනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.
May 31, 2016
ජනපති අපහසුතාවට පත් කරන්න කළ වැඩක්
Tags
# Sinhala News
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
Sinhala News
Labels:
Sinhala News
